කෙසෙල්වත්තේ දිනුකගේ සමීපතමයෙක් හෙරොයින් සමග අත්අඩංගුවට
අපරාධ කල්ලි සාමාජික කෙසෙල්වත්තේ දිනුකගේ සමීපතමයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
කොළඹ අපරාධ කොට්ඨාශය සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සදහන් කළේය.
අත්අඩංගුවට ගත් සැකකරු විසින් පසුගිය පෙබරවාරි 17 වන දින කෙසෙල්වත්ත ප්රදේශයේ දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට ද උත්සාහ කර ඇති බව සදහන්.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු සතුව තිබී හෙරොයින් ග්රෑම් 2යි මිලිග්රෑම් 200ක ප්රමාණයක් ද සොයාගෙන තිබේ.
සැකකරු 36 හැවිරිදි කොළඹ 12 ප්රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු අද (26) දින මාලිගාකන්ද මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.