කෙහෙළියට එරෙහි නඩුව ජුනි 28 විභාගයට
රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ මුදලින් රුපියල් 230,000ක මුදලක් වැය කර තම පෞද්ගලික දුරකතනයේ බිල්පත ගෙවීම ඇතුළු චෝදනා යටතේ හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව පවරූ නඩුව ලබන ජුනි 28 වන දින විභාගයට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (29) නියෝග කළේ ය.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය එම නියෝගය නිකුත් කළේ විත්තියේ විරෝධතා ප්‍රතික්ෂේප කරමිනි.
කෙහෙළිය රඹුක්වැල්ල මහතාට සහ රාජ්‍ය මුද්‍රණ සංස්ථායේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීංකෙන්ද මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මෙම නඩුව පවරා තිබේ.