News

කොරෝනා ආසාදිතයින් වැඩිම ගම්පහ

මෙරටින් හඳුනාගත් නව කොරෝනා වෛරස ආසාදිතයින්ගෙන් වැඩිම පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

මේ වන විට මෙරටින් තහවුරු වී ඇති ආසාදිතයින් 65 දෙනාගෙන් 18 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 17 දෙනෙකු, පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 12 දෙනෙකු,කුරුණෑගල සහ කළුතර දිස්ත්‍රික්කයන්ගෙන 4දෙනෙකුත්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 3දෙනෙකුත් වාර්ථා වේ.

මීට අමතරව ගාල්ල, මාතර, කෑගල්ල, මඩකලපුව හා බදුල්ල දිස්ත්‍රික්කයන්ගෙන් 1ක් බැගින් වාර්ථා වේ.