කොරෝනා ආසාදිතයින් හඳුනාගැනීමේ පරීක්ෂණ පුළුල් කිරීමට පියවර – සෞඛ්‍ය ඇමතිනි
ඉදිරි දින කිහිපය ඇතුළත කොරෝනා ආසාදිතයින් හඳුනාගැනීම සඳහා සිදු කරන PCR පරීක්ෂණ කටයුතු සිදු කිරීමේ ක්‍රියාවලිය පුළුල් කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.
අමාත්‍යවරිය සදහන් කළේ කොරෝනා ආසාදිතයින් හඳුනාගැනීම සඳහා මේ වන විට PCR පරීක්ෂණ රෝහල් ගණනාවක සිදු කරන බවයි.
එමෙන්ම එම ක්‍රියාවලිය තවදුරටත් පුළුල් කිරීමට වැඩපිළිවෙළ සකස් කරන බව අමාත්‍යවරිය සදහන් කළේය.
කොරෝනා මර්ධන වැඩපිළිවෙලේ දී දකුණු ආසියාවේ අනෙකුත් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්රය ඉදිරියෙන් සිටින බවද සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වැඩිදුරටත් සදහන් කළේය.
