කොරෝනා ආසාදිතයෙක් නිසා අක්කරපත්තුව වසා දමයි
අම්පාර දිස්ත්රික්කයේ අක්කරපත්තුව ප්රදේශයේ කොරෝනා වෛරසය ආසාදිතයෙක් වාර්තා විමත් සමගම අක්කරපත්තුව නගරයට පැමිණෙන සියලුම මාර්ග බාධක දමා අවහිර කිරිමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.
පොලීසිය සදහන් කළේ අක්කරපත්තුව අම්පාර මාර්ගය අක්කරපත්තුව කල්මුනේ මාර්ගය, අක්කරපත්තුව පොතුවිල් මාර්ග මුලුමනින්ම වසා දමා ඇති බවයි.
මේ හේතුව නිසා අම්පාර සිට අක්කරපත්තුව වෙත යෑමට නොහැකි අතර අම්පාර සිට කල්මුන දක්වා ගමන් කිරිමට හැකියාවක් නොමැති බව පොලීසිය පවසයි.
