කොරෝනා ආසාදිතයෙක් හමුවීමෙන් දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ වාට්ටුවක් වැසෙයි March 30, 2020 9:59 pm No Comments කොරෝනා ආසාදිතයෙකු හමුවීම හේතුවෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලේ වාට්ටුවක් වසා දැමූ බව රෝහල් අධ්යක්ෂවරයා පවසයි. එමෙන්ම අදාළ වාට්ටුවේ සිටි රෝගීන් 15දෙනෙකු සහ එහි කාර්යය මණ්ඩලයේ 20දෙනෙකු නිරෝධායනයට යොමු කළ බව කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධ්යක්ෂකවරයා සදහන් කළේය.