News

කොරෝනා නිසා මීගමුව බන්ධනාගාරයේ රැදවියන් 175 කට නිදහස

කොරෝනා වෛරසය ව්‍යප්තිය සමග මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටි රැදවියන් 175 දෙනෙකු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලිහිල් ඇප කොන්දේසි මත මුදාහැරීමට කටයුතු කර තිබේ.

ඒ අනුව මීගමුව බන්ධනාගාර අධිකාරී ආර්.ඩබ්ලිව්.යූ.ඩී.ඒ. සම්පායෝ මහතාගේ අධීක්ෂණය යටතේ රැදවියන් 51 දෙනෙකු අද (28) දින මුදාහැර තිබේ.

මේ වන විට රට තුළ බලපැවැත්වෙන ඇදිරිනීතිය හේතුවෙන් මුදාහැරුණු රැදවියන් අදාල පොලිස් ස්ථානයන් වෙත භාරදී ඔවුන්ට නිවෙස් බලා යාමට අවස්ථාවද සලසා දී ඇත.