කොරෝනා බලපෑම රත්රන්වලටත්
නව කොරෝනා වෛරසය තවදුරටත් පැතිරීමේ අවදානම හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල දෙසතියට පසු වැඩිවී තිබේ. ඉදිරියේදී රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 1600 ඉක්මවා යනු ඇතැයි වෙළෙඳපොළ විශ්ලේෂකයෝ පෙන්වා දෙති. රන් අවුන්සයක් ඊයේ (27 වැනිදා) අලෙවි වූයේ ඇමරිකන් ඩොලර් 1579.11කටය. එය පෙර දිනය හා සැසදීමේදී සියයට එකක වැඩිවීමකි. අනාරක්ෂිත වාතාවරණයක් හමුවේ රත්රන් සුරක්ෂිත ආයෝජනයක් බව ආයෝජකයන් පෙන්වා දී ඇත. එම නිසා රත්රන් මිල ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ ආරංචිමාර්ග පවසයි.
2003 වසරේදී සාර්ස් වෛරසය පැතිරෙන අවස්ථාවේදී මෙලෙස රන් මිල ඉහළ ගියේය.
උදයජීව ඒකනායක
