News

කොරෝනා බවට සැකකරන 280කගේ ජෛව සාම්පල පරීක්ෂා කෙරේ

කොරෝනා බවට සැකකෙරෙන රෝගීන් 280කගේ ජීව සාම්පල පරීක්ෂාවට ලක්කළ බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසයි.

මේ වන විට කොරෝනා වෛරසය තහවුරු වී ඇත්තේ පුද්ගලයින් 28දෙනෙකුට බවද අධ්‍යක්ෂකවරයා සදහන් කළේය.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත දිනපතා විවිධ පුද්ගලයින්ගේ ජෛව සාම්පල කොරෝනා පරීක්ෂාව සදහා වෛද්‍ය පර්යේෂණ ආයතනයට ලැබෙන බව ද වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා වැඩිදුරටත් සදහන් කළේය.