කොරෝනා මර්දනය කිරීමට ප්‍රධාන ජාත්‍යන්තර පර්යේෂණයක්
නව කොරෝනා වෛරසය මර්දනය කිරීම සඳහා ප්‍රධාන ජාත්‍යන්තර පර්යේෂණයක් ආරම්භ කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගෙන තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එම ජාත්‍යන්තර පර්යේෂණය “සොලිඩරිටි” ලෙස හදුන්වාදී ඇත.
නෝර්වේ රාජ්‍යයේදී එම පර්යේෂණය සිදුකෙරෙන අතර එරටදී හඳුනාගත් කොවිඩ්-19 වෛරස ආසාදිතයින් පළමුවරට යොදා ගැනීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මේ වන විටත් ඔස්ලෝ විශ්ව විද්‍යාලයේ රෝහලකදී පළමු වරට කොවිඩ් -19 ආසාදිතයෙකුට ප්‍රතිකාර කිරීම ආරම්භ කර තිබේ.
මෙහිදී කොවිඩ්-19 ආසාදනය වූ රෝගීන්ගේ පැවැත්ම, ප්‍රතිකාරවල ඵලදායීතාවය, රෝගීන්ට කොපමණ කාලයක් දැඩි සත්කාර ඒකකවල සහ රෝහල්ගතව ප්‍රතිකාර ලැබීමට සිදුවන්නේ ද යන කරුණු සම්බන්ධයෙන් අදාල අධ්‍යයනයේදී අවධානය යොමු කෙරෙන බවයි විදෙස් මාධ්‍ය පවසයි
