කොරෝනා රෝගින්ට ප්‍රථිකාර කරන්න ඉරණවිල නව රෝහල සුදානම්
ඉරණවිල පිහිටි ‘වොයිස් ඔෆ් ඇමෙරිකා’ ගොඩනැගිලි සංකීර්ණය, ‘කොවිඩ් – 19’ ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම පිණිස ඉතා කෙටි කලක් තුළ 1 වන ඉංජිනේරු සේවා බලකා භට පිරිස් හි ශ්‍රමදායකත්වයෙන් නවීකරණය කරන ලදුව, රජය සහ සෞඛ්‍යය අංශ වෙත පවරාදීම 2020 අප්‍රේල් මස 07 වැනි දින සිදු කෙරිණි.
මෙම අවස්ථාව සඳහා සෞඛ්‍යය අමාත්‍ය ගරු පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මෙහෙයුම් මධ්‍යස්ථානයේ මෙහෙයුම් ප්‍රධානී මෙන්ම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.
තවද, වෛද්‍යවරුන් 14 දෙනෙකුගෙන් සහ රෝහල් කාර්ය මණ්ඩලය 20 දෙනෙකුගෙන් සමන්විත මෙම නව ප්‍රතිකාර මධ්‍යස්ථානය ඇඳන් 40 කින් යුතු වන අතර, කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව උදෙසා රොබෝ තාක්ෂණය සහ ස්වයංක්‍රීය නියමු වාහන යොදා ගැනීම ද සිදු කෙරේ.
ඉරණවිල 'වොයිස් ඔෆ් ඇමෙරිකා' ගොඩනැගිලි සංකීර්ණය 'කොවිඩ් 19' ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත් කෙරේ!
ඉරණවිල පිහිටි 'වොයිස් ඔෆ් ඇමෙරිකා' ගොඩනැගිලි සංකීර්ණය, 'කොවිඩ් – 19' ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම පිණිස ඉතා කෙටි කලක් තුළ 1 වන ඉංජිනේරු සේවා බලකා භට පිරිස් හි ශ්‍රමදායකත්වයෙන් නවීකරණය කරන ලදුව, රජය සහ සෞඛ්‍යය අංශ වෙත පවරාදීම 2020 අප්‍රේල් මස 07 වැනි දින සිදු කෙරිණි. මෙම අවස්ථාව සඳහා සෞඛ්‍යය අමාත්‍ය ගරු පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මෙහෙයුම් මධ්‍යස්ථානයේ මෙහෙයුම් ප්‍රධානී මෙන්ම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ. තවද, වෛද්‍යවරුන් 14 දෙනෙකුගෙන් සහ රෝහල් කාර්ය මණ්ඩලය 20 දෙනෙකුගෙන් සමන්විත මෙම නව ප්‍රතිකාර මධ්‍යස්ථානය ඇඳන් 40 කින් යුතු වන අතර, කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව උදෙසා රොබෝ තාක්ෂණය සහ ස්වයංක්‍රීය නියමු වාහන යොදා ගැනීම ද සිදු කෙරේ.
Posted by National Operation Centre for Prevention of COVID – 19 Outbreak on Tuesday, April 7, 2020
