News

කොරෝනා රෝගියකු පරීක්ෂාවට දිනකට ඇඳුම් කට්ටල දහයක්

කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී භාවිත කරන ආරක්ෂිත ඇඳුම් කට්ටල දහසකට ආසන්න සංඛ්‍යාවක් දිනකට අවශ්‍ය වන බව රජයේ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය කපිල වික්‍රමනායක සඳහන් කරයි.

රෝගය වසංගතයක් ලෙස පැතිර ගියහොත් මෙම සංඛ්‍යාව මීටත් වඩා වැඩිවනු ඇතැයි අධ්‍යක්ෂවරයා පැවැසීය.

මෙම ආරක්ෂිත ඇඳුම් කට්ටල මේ වන විට රාජ්‍ය ඖෂධ සංස්ථාවෙන් මිලදී ගැනීමට කටයුතු කර ඇති අතර ඊට අමතරව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් හා රතු කුරුස හමුදාවෙන්ද ඒ සඳහා ඉල්ලීම් කර ඇති බව සඳහන් කළේය.

එක රෝගියකුගේ පරීක්ෂාව වෙනුවෙන් දිනකට ඇඳුම් කට්ටල දහයක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් අවශ්‍ය වන බවත් එක්​ රෝගියකු එක්වරක් පරීක්ෂා කිරීමෙන් පසු එම ඇඳුම් කට්ටලය විනාශ කරන බවත් හෙතෙම කීය.

​රෝහල්වල ඉල්ලීම පරිදි ආරක්ෂිත ඇඳුම් කට්ටල පැය විසිහතර පුරාම නිකුත් කිරීමට රජයේ වෛද්‍ය සැපයුම් අංශයේ මේ වන විටත් කටයුතු යොදා ඇත.

 

ශ්‍රියානි විජේසිංහ