කොරෝනා රෝගීන්ට තාවකාලික ගොඩනැගිලි සංකීර්ණයක්
අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ තාවකාලික ගොඩනැගිලි සංකීර්ණයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් කඩිනමින් ඉදිකිරිමට පියවර ගෙන තිබේ.
මෙම ගොඩනැගිලි සංකීර්ණය දින 14ක් තුළ භාර දීමට නියමිතයි.
එය නිරීක්ෂණ කිරීම සඳහා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා සහ කොරෝනා වෛරසය හේතුවෙන් චීනයේ වූහාන් නගරයේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් 33දෙනා නිරෝධාන කටයුතු සිදු කළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රසායනික ජීවවිද්‍යාත්මක න්‍යෂ්ටික අවි සඳහා පුහුණු වු බලගණය මෙහෙයවු ගුවන් හමුදාවේ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ එයාර් වයිස් මාර්ෂල් ලලිත් ජයවීර ද මෙම අවස්තාවට එක්ව සිටියේය.

