කොරෝනා වෛරස රෝග ලක්ෂණ පහල වූ වහාම ප්‍රතිකාර සඳහා යොමුවන්න
කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදනයක් බවට සැක සහිත රෝග ලක්ෂණ පහල වූ වහාම ප්‍රතිකාර සදහා යොමු වන ලෙස විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේය.
ප්‍රතිකාර සඳහා ප්‍රමාද වී පැමිණිය හොත් අදාළ රෝගීන්ට අවදානම් තත්වයකට මුහුණ දීමට සිදුවන බව ඔහු පවසා සිටියේය.
කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව මේ වන විට 151ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
ප්‍රතිකාර ලබා සුවය ලැබූ පිරිස 21 දෙනෙකු වේ.
වෛරසය ආසාදනය වී ඇති බවට සැකපිට පුද්ගලයින් 251දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබයි.
එමෙන්ම වෛරසය හේතුවෙන් මියගිය රෝගීන් ගණන 4කි.
