News

කොරෝනා වෛරසයෙන් ලොව පුරා මියගිය සංඛ්‍යාව අසූ දෙදහස ඉක්මවයි

කොරෝනා (COVID-19) වෛරසයෙන් ලොව පුරා මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 82,096 දක්වා ඉහළ ගොස් තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කළේ මේ වන විට වෛරසය ආසාදිත වූවන් 1,431,973ක ප්‍රමාණයක් සිටින බවයි.

ආසාදිතයින් 302,209දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති බව ද එම සංවිධානය සදහන් කරයි.

ලොව වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් ඇමෙරිකාවෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 400,540ක් වේ.

වැඩිම පුද්ගල මරණ සංඛ්‍යාවක් ඉතාලියෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 17,127ක් වේ.

ඉතාලියට පසුව ස්පාඤ්ඤයෙන් පුද්ගල මරණ 14,045ක්, ඇමෙරිකාවෙන් පුද්ගල මරණ 12,857ක්, ප්‍රංශයෙන් පුද්ගල මරණ 10,328ක් සහ බ්‍රිතාන්‍යයෙන් පුද්ගල මරණ 6,159ක් වාර්තා වශයෙන් වාර්තා වේ.

ඇමෙරිකාවට පසුව වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ස්පාඤ්ඤයෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 141,942කි.

ඉතාලියෙන් ආසාදිතයින් 135,586ක්, ප්‍රංශයෙන් ආසාදිතයින් 109,069ක් සහ ජර්මනියෙන් ආසාදිතයින් 107,663ක් වාර්තා වේ.