News

කොරෝනා වෛරසයෙන් ලොව පුරා මියගිය ගණන ලක්ෂ 2ක ඉක්මවයි

කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් ලොව පුරා මියගිය ආසාදිතයින්ගේ සංඛ්‍යාව 200,430ක් දක්වා ඉහළ ගොස් තිබේ.

වැඩිම මරණ සංඛ්‍යාවක් ඇමෙරිකාවෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 52,843ක්.

ඊට අමතරව ඉතාලියෙන් මරණ 26,384ක්, ස්පාඤ්ඤයෙන් මරණ 22,902ක්, ප්‍රංශයෙන් මරණ 22,245ක් සහ බ්‍රිතාන්‍යයෙන් මරණ 20,319ක් වාර්තා වේ.