කොරෝනා සම්බන්ධ අසත්‍ය තොරතුරුවලට නොරැවටෙන්න -පොලීසිය
කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලාවල සංසර්ණය වන අසත්‍ය තොරතුරුවලට නොරැවටෙන්නැයි පොලීසිය ජනතාවට දැනුම් දෙයි.
නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය සඳහන් කළේ, කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අසත්‍ය තොරුතුරු ප්‍රචාරය කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.
ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය ආසාධනය වූ එක් පුද්ගලයකු මේ වන විට හදුනාගෙන ඇති අතර, ඔහු අයි.ඩී.එච්. උණ රෝහලේ ප්‍රතිකාර ලබයි.
එම පුද්ගලයාගේ පවුල් කිසිදු සාමාජිකයකුට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර, ඔහුගේ පවුලේ සාමාජිකයින්ට දැනට සෙ$ඛ්‍ය අමාත්‍යංශයේ උපදෙස් හා අධීකරණය යටතේ ඔවුන්ගේ නිවසේ සිටම නිරෝධායනය කිරීමේ කටයුතු සිදු කරමින් පවතී.
