කොල්ලකෑම් කිහිපයකට සම්බන්ධ සැකකරුවෙක් පානදුරදී අත්අඩංගුවට
කොල්ලකෑම් කිහිපයකට සම්බන්ධ සැකකරුවෙකු පානදුර කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය පැවසුවේ ඊයේ උදෑසන අත්අඩංගුවට ගත් මෙම සැකකරු වයස අවුරුදු 41ක් වූ බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි.
සැකකරුගෙන් සිදුකළ වැඩිදුර විමර්ශනවලදී පානදුර දකුණු ප්‍රදේශයේ රුපියල් 45,000ක් වටිනා රන් මාලයක් කොල්ලකෑම හා කළුතර දකුණු ප්‍රදේශයේ රාත්‍රී කාලයේදී නිවසකට ඇතුළු වී පිහි පෙන්වා, මරණ තර්ජනය කර රුපියල් 150,000ක්, ඇමෙරිකානු ඩොලර් 1050ක් සහ රන් කාසි 02ක් කොල්ලකෑම යන කොල්ලකෑමේ සිද්ධීන් අනාවරණය කරගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු අද පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.