කොවිඩ් ආසාදනය වූ 351ක් සුවය ලබයි
කොවිඩ්-19 වෛරසයෙන් ආසාදිතයින් 351දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.
ඒ අනුව මෙරට තුළ කොවිඩ්-19 වෛරසයෙන් සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 83,561ක් දක්වා ඉහළ ගොස් ඇත.
මෙරටින් මේ දක්වා වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 86685ක් වන අතර, ඉන් ආසාදිතයින් 2609දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.
කොවිඩ් ආසාදනයවීමෙන් මෙරටින් වාර්තා වූ මරණ සංඛ්‍යාව 515කි.