News

කොවිඩ් ආසාදනය වූ 672ක් සුවය ලබයි

කොවිඩ්-19 වෛරසයෙන් අද දිනයේ පුද්ගලයින් 672දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව කොවිඩ් වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 76514දෙනෙකු මේ දක්වා රෝහල් වලින් පිටව ගොස් ඇත.

කොවිඩ් ආසාදිතව මෙරටින් හදුනාගත් පුද්ගලයින් සංඛ්‍යාව 80739ක් වන අතර, ඉන් ආසාදිතයින් 4042දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කරයි.

කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් මෙරට තුළ මියගිය සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 453කි.