News

කොවිඩ් ආසාදිතයන් 155ක්

කොවිඩ් ආසාදිත පුද්ගලයන් 155ක් අද (09) දින අලුතින් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා.

මේ අනුව මෙරට සමස්ත ආසාදනයට ලක්වූ පුද්ගලයන් සංඛ්‍යාව 86,164ක් දක්වා ඉහළගොස් ඇත.

කෙසේ වෙතත් සුවය ලැබූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 82,753ක් බව සෞඛය අංශ පෙන්වා දෙනවා.