කොවිඩ් එන්නත ගැන රජය පැහැදිලි කරයි
මෙරට භාවිත කරන ඇස්ට්‍රා සෙන්කා එන්නත ගැටලුකාරී තත්ත්වයක් නොමැති බව රජය සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කර ඇත්තේ එන්නතේ එක් කණ්ඩයක් පමණක් මේ වනවිට රටවල් කිහිපයක භාවිතය අත්හිටුවා තිබෙන බවයි.
එනිසා එන්නත භාවිත කිරීමේදී ජනතාව කිසිඳු බියක් ඇති කර ගතයුතු නැති බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කර තිබේ.