කොවිඩ් නසන්න ඇමරිකාවෙන් ඩො.මි.1.3ක්
ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 වෛරසය මැඩපැවැත්වීම සඳහා ඩොලර් මිලියන 1.3ක ආධාරයක් (රු.මිලියන 250ක්) ඇමරිකා එක්සත් ජනපදය විසින් ලබාදීමට එකඟතාව පළ කර තිබේ.
කොවිඩ් 19 වෛරසය තුරන් කරලීම සඳහා විදෙස් රටවලට මානුෂීය ආධාර ලබාදීමේ එක්සත් ජනපද වැඩසටහන ඔස්සේ මෙම ආධාර මුදල ලබාදෙන බව එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
නිවේදනයක් නිකුත් කරමින් අමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකා රජයට රසායනාගාර පද්ධතිය නවීකරණය කිරීමට, ආසාදිතයන් අනාවරණය කර ගැනීමට, ප්‍රතිකාර කටයුතු සඳහා සහ ආසාදනය පාලනය කිරීමට වැනි කරුණු සඳහා මෙම අරමුදල භාවිත කළ හැකි බවයි.
අමරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් විසින් පසුගිය සෙනසුරාදා දිනයේ කොවිඩ්-19 වෛරසය මැඩපැවැත්වීම සඳහා අතුරු සම්මත ගිණුමක් ඔස්සේ අමරිකානු ඩොලර් ට්‍රිලියන 3ක මුදලක් සම්මත කර ගත් අතර ආධාර අවශ්‍ය රටවල් රැසකට ද ඒ ඔස්සේ මෙලෙස ප්‍රතිපාදන වෙන්කර ඇත.
නයන තරංග ගමගේ
