කොවිඩ් මරණ 544 දක්වා ඉහලට
තවත් කොවිඩ් මරණ 6ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 544ක් දක්වා ඉහළ ගොස් තිබේ.
පොල්ගහවෙල ප්‍රදේශයේ පදිංචිව සිටි 70 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, සුදුහුම්පොළ ප්‍රදේශයේ පදිංචිව සිටි 79 හැවිරිදි කාන්තාවක්, වත්තල ප්‍රදේශයේ පදිංචිව සිටි 89 හැවිරිදි කාන්තාවක්, පිටකෝට්ටේ ප්‍රදේශයේ පදිංචිව සිටි 96 හැවිරිදි කාන්තාවක්, ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 72 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ සිලාවතුර ප්‍රදේශයේ පදිංචිව සිටි 73 හැවිරිදි කාන්තාවක්.