කොවිඩ් මළ ගෙවල්වල රැස්වුණොත් දඬුවම්
කොවිඩි රෝගයෙන් මිය යන රෝගීන්ගේ ආදාහනය සිදු කරන ස්ථානවලට හා දේහයන් රැගෙන යන ස්ථානවලට රැස්වෙන පුද්ගලයන්ට එරෙහිව නිරෝධායන නීති හා ලංකාවේ අපරාධ නීති යටතේ නීතිමය පියවර ගන්නා බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ අවධාරණය කරයි.
ජනතාව අනවශ්‍ය ලෙස මග දෙපස රැස්වීම නීතිවිරෝධී බවත්, මියයන පුද්ගලයන්ගේ අවසන් කටයුතු සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත ළඟම ඥාතීන් පමණක් සම්බන්ධ කරගෙන කරන බවත් හෙතෙම පෙන්වා දෙයි.
රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීමේ අරමුණින් මෙම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද හෙතෙම සඳහන් කරයි.
තිස්ස රවීන්ද්‍ර පෙරේරා
