කොවිඩ් මෘතදේහ කල්මුණේ වළදමන්නලු
කොරෝනා හේතුවෙන් මියයන මුස්ලිම් පුද්ගලයන්ගේ මළ සිරුරු තම ප්‍රදේශවල ඇති සුසාන භූමිවල වළ දැමීමට අවසර දෙන ලෙසත්, එමගින් මතුවන ඕනෑම ප්‍රශ්නයකට තමන් වගකීමට සූදානමින් සිටින බවත් කල්මුණේ මහ නගර සභාවේ නගරාධිපති ඒ. එම්. රකීබ් පැවසීය.
මුස්ලිම් දේහ භූමදානය කිරීම සම්බන්ධ වර්තමාන තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ රැස්වීමක් කල්මුණේ මහ නගර සභා ශ්‍රවණාගාරයේ පසුගිය බදාදා (03 වැනිදා) දින පැවති අවස්ථාවේ ඒ මහතා එසේ පැවසීය.
දැනට මුස්ලිම් දේහයන් භූමදානය කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කර ඇතැයිද ගැසට් නිවේදනය සකස් කිරීමේ කටයුතු පාකිස්තාන අගමැතිවරයා පැමිණීමට පෙර සිදු වූවක් යැයි ද හෙතෙම කීවේය.
රජයේ හා විපක්ෂයේ බලපෑම් ජනතාව හා සිවිල් සංවිධානවල ඉල්ලීම් ජාත්‍යන්තර බලපෑම් 20 වැනි සංශෝධනයට සහය ලබාදුන් මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ එකඟතාවන්, ජිනීවාහි ශ්‍රී ලංකාවට එරෙහි චෝදනාවලට මුස්ලිම් රාජ්‍යයන් 18 සහය ලබා ගැනීමේ අවශ්‍යතාව ආදිය රජයට තිබුණු නිසා මෙම ගැසට් නිවේදනය නිකුත් කිරීමට බලපෑ කරුණු හැටියට සැලකිය හැකියි.
එස්. රාසයියා – කල්මුණේ