News

කොවිඩ් රෝගීන් 2500 පැන්නොත් සෞඛ්‍ය පද්ධතියම කඩා වැටෙයි

කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 2500 දක්වා වර්ධනය වුවහොත් සෞඛ්‍ය පද්ධතිය කඩා වැටීමට ඉඩ ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි.

කොවිඩ් වෛරසය සම්බන්ධයෙන් ඊයේ (06දා) සිදුකළ සමාලෝචනයෙන් පසු ප්‍රකාශයක් කළ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පවසා සිටියේ කොවිඩ් 19 වසංගත තත්ත්වය ජූනි මාසය දක්වා දීර්ඝ විය හැකි බවය. දැනට නිවාස ආශ්‍රිතව කුඩා පොකුරු වශයෙන් රෝගීන් හමුවීම ඊළඟ මට්ටමේදී ගම තුළ රෝගීන් පොකුරු වශයෙන් හමුවීම දක්වා ළඟා වෙමින් පවතින බවද හෙතෙම පැවසීය.

වෛරසය ගම දක්වා ව්‍යාප්තවීමට එරෙහිව දැඩි ප්‍රතිචාර දැක්විය යුතු බවද ඒ සඳහා සියයට 80 කට වඩා සමාජ දුරස්ථභාවය සහතික කළ යුතු බවද පෙන්වා දෙයි.

අජිත් අලහකෝන්