News

කොවිඩ් හේතුවෙන් රැකියා අහිමි වූවාද?

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් රැකියා අහිමි වූ පෞද්ගලික අංශයේ සේවයේ නියුතුව සිටි අය පිළිබඳව තොරතුරු රැස්කිරීමට කම්කරු දෙපාර්තමේන්තුවට පියවර ගෙන තිබේ.

රැකියාවට යාමෙි අපහසුතා හේතුවෙන්, අදාළ ආයතනය විසින් සේවයෙන් ඉවත්කිරීම හේතුවෙන් හෝ වෙනත් අපහසුතා හේතුවෙන් රැකියා අහිමිවූවන්ට යම් සහනයක් ලබා දීමට හැකියාවක් පවතීනම් ඒ පිළිබඳ ඉදිරියේදී ක්‍රියාත්මක වීමේ අරමුණින් මෙම තොරතුරු ලබා ගනු ඇත.

රැකියා අහිමි වූ අය තම නම, ලිපිනය, දුරකතන අංකය, සේවය කළ ස්ථානයේ ලිපිනය, සේවයෙන් ඉවත් කළ දිනය, එහි සේවා කාලය සහ අවසන් වරට ලැබූ මූලික වැටුප් යනාදිය පිළිබඳ තොරතුරු කම්කරු දෙපාර්තමේන්තුවට ලබා දිය යුතු වේ.

එම තොරතුරු කම්කරු කොමසාරිස් (කාර්මික සබඳතා අංශය )11 මහළ, මෙහෙවර පියස කොළඹ 05 යන ලිපිනයට හෝ irlabur456@gmail.com ඊමේල් ලිපිනයට යොමු කරන ලෙස කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍ර කීර්ති මහතා ඉල්ලා සිටි.

2021 අප්‍රේල් 01ට පෙර මෙම තොරතුරු එවන ලෙසත් වැඩිදුර විස්තර 0112-368502 දුරකථන අංකයෙන් ලබාගත හැකි බවත් ඔහු පැවසීය.