කොවිඩි 19 අරමුදල මිලියන 517 ඉක්මවයි
අමාත්‍ය චමල් රාජපක්ෂ තම අමාත්‍යාංශ යටතේ ඇති ආයතන ලබාදුන් රුපියල් මිලියන 29.5 ක් කොවිඩි – 19 අරමුදලට ලබා දී ඇත.
එමෙන්ම අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් යටතේ ඇති රෙජිස්ටාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවෙන් රුපියල් මිලියන 2.8 ක් සහ අමත්‍ය එස්.එම්. චන්ද්‍රසේන සිය අප්‍රේල් මස වැටුපත් කොවිඩ් -19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදල වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලබා දී තිබේ.
යුනිලීවර් ශ්‍රී ලංකා ලිමිටඩ් රුපියල් මිලියන 10ක්, කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ආයතනය රුපියල් මිලියන 5ක් කිරම විමලජෝති හිමි බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය රුපියල් මිලියන 2ක්, අත්තනගල්ල රජමහා විහාරය රුපියල් මිලියන 10ක් සහ මලලසේකර පදනම රුපියල් මිලියන 3ක් ඊයේ (08 වැනිදා) සිදු කෙරුණු පරිත්‍යාගයන්ට ඇතුළත් වේ.
ඒ අනුව ඊයේ (8 වැනිදා) පස්වරුව වන විට COVID – 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලේ තැන්පතු ශේෂය රුපියල් මිලියන 517 ඉක්මවා ගොස් තිබිණ.
