News

කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිට මාරුවීමක්

කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් සිල්වා මහතාට වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් මූලස්ථානයට ස්ථාන මාරුවීමක් ලැබී ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව ඒ මහතාට පොලිස් මූලස්ථානයට නෙවිල් සිල්වා මහතා ස්ථාන මාරු කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාවෙන් අවසර ගෙන නැතැයි එම කොමිෂන් සභාවේන වාර්තා වන අතර ස්ථාන මාරු නියෝගයේ සඳහන් කර ඇත්තේ සේවා අවශ්‍යතා මත ස්ථාන මාරු කරන බවය.

අත්අඩංගුවට ගත් සැකකරුවකු ඝාතනය කරන්නැයි ඉහළින් ලැබුණු නීති විරෝධී නියෝගයක් ක්‍රියාත්මක නොකිරීම නිසා ඒ මහතාට මෙම ස්ථාන මාරුව ලබා දී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.