කොළඹ කොටස් වෙළෙඳපොළ දින හතරකට පසු හෙට යළි විවෘත කෙරේ
කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු හෙට (20) උදෑසන ආරම්භ කිරීමට නියමිතව ඇත.
මේ සම්බන්ධව කොළඹ කොටස් වෙළෙඳපොලේ ප්‍රධාන නියාමන නිලධාරී රේණුක විජයවර්ධන විසින් කොටස් වෙළෙඳපොළ තැරැව්කාර සමාගම් වෙත දැනුම් දී තිබේ.
මෙම සතියේ මුල් වරට ආරම්භ කරන කොළඹ කොටස් වෙළෙඳපොළ පෙරවරු 10.00 සිට පස්වරු 1.00 දක්වා කාල සීමාව තුළ විවෘත වේ.
සාමාන්‍යය දිනවලදී කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සදහා විවෘතව පවතින්නේ පෙරවරු 9.30 සිට පස්වරු 2.30 දක්වා කාලසීමාව තුළයි.
