කොළඹ දෙකේ ගබඩාවක ගින්නක්
කොළඹ දෙක, වොක්ෂෝල් වීථියේ ගබඩාවක අද දහවල් ගින්නක් හටගෙන ඇත. එම ගින්න කොළඹ නගර සභාවේ ගිනි නිවීමේ රථ 7ක් සහ ගුවන් හමුදාව සතු ගිනි නිවීමේ රථ දෙකක් යොදාගනිමින් ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් විසින් මේ වනවිට සම්පූර්ණයෙන්ම ගින්න මැඬ පවත්වා ඇත.
ගිනි නිවීමේ කටයුතු සිදුවන අවස්ථාවේදී සුළු ආබාධයකට ලක්වූ ගිනි නිවීමේ භටයෙකු ප්රතිකාර සඳහා රෝහල් ගත කෙරුණු අතර පසුව ප්රතිකාර ලබා ඔහු පිටව ගොස් ඇති බව සඳහන් වෙයි.