News

කොළඹ මහනගර සභාවෙන් “කොළඹට ගසක්”

කොළඹ මහනගර සභාව මගින් “කොළඹට ගසක්” තේමාව යටතේ කොළඹ නගරය අවට පැල දසදහසකින් ආරම්භ කර පැල ලක්ෂයක් සිටුවීමට අපේක්ෂා කරයි.

එම සෑම පැලයක්ම රැකබලා ගැනීමට පුද්ගලයන් හා පාසල් ළමුන් යෙදවීමටත් වසරකට පසු පැල නිසි ආකාරයෙන් නඩත්තු කරන පුද්ගලයාට ත්‍යාග ලබාදීමට සැලසුම් කර ඇත.

මේ පිළිබද සාකච්ඡාවක් වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී. බී. රත්නායක මහතා සහ කොළඹ නගරාධිපති රෝසි සේනානායක මහත්මිය අතර හමුවක් පසුගියදා (17) වනජීවී හා වනසංරක්ෂණ අමාත්‍යංශයේදී පැවැත්විණි.

මෙහිදී අප්‍රේල් 20 වන දිනට පැල 15,000ක් ලබාදීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එකග වූ අතර මාස හයක් තුළ පැල ලක්ෂයේ ඉලක්කය ලබාදීමට ද එකග විය.

මෙම ව්‍යාපෘතියට විහාර මහා දේවී උද්‍යානයේ ළමා උයන අසල පලතුරු උයනක් නිර්මාණය කිරීමටත්, මහල් නිවාස වල නිවැසියන් සදහා කෝමාරිකා, ඉගුරු වැනි පැලෑටි ලබාදීමත් ඇතුලත් කර ඇති බවත් මේ සදහා අධ්‍යාපන අමාතයංශය, වනජීවී හා වන සංරක්ෂණ අමාතයංශය, පරිසර අමාත්‍යංශය ඇතුළුව රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන 3000ක් සම්බන්ධ කරගැනීමට බලාපොරොත්තු වේ.