News

කොළඹ වරිපනම් බදු ගෙවන්නනට සහනයක්

කොළඹ නගර සභාව වෙත 2021 වර්ෂය සඳහා වරිපනම් බදු ගෙවීමේදී ලබාදී තිබූ සියයට 10ක වට්ටම ලබාදීමේ කාලසීමාව මේ මස 31 වනදා දක්වා දීර්ඝකර තිබේ.

ඒ අනුව, කොළඹ නගර සභාව වෙත 2021 සම්පූර්ණ වර්ෂය (කාර්තු 4ම) සඳහා 10%ක වට්ටම් සහිතව වරිපනම් බදු ගෙවිය හැකි අවසන් දිනය 2021.03.31වේ.

තවද, ඉකුත් ජනවාරි 31වන දිනෙන් පසු 2021 සම්පූර්ණ වර්ෂය සඳහා මේ දක්වා වරිපනම් බදු ගෙවා ඇති සියලු දේපළ සඳහා 10% වට්ටම් ඇතුළත්කර ගිණුම් නිවැරදි කිරීම ඉදිරියේදී සිදුකරන බවද කොළඹ මහනගර සභාව දැනුම් දෙයි.

සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ………..