News

කෝට්ටේ රජමහා විහාරයේ පෙරහැර වෙනුවෙන් අද සවස මාර්ග කිහිපයක් වැසෙයි

ඓතිහාසික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රජමහා විහාරස්ථානයේ ඇසළ පෙරහැර හේතුවෙන් කෝට්ටේ, මිරිහාන සහ නුගේගොඩ අවට විශේෂ රථ වාහන සැළැස්මක් ක්‍රියාත්මක වන බව පොලීසිය පවසයි.

පොලීසිය පැවසුවේ අද පස්වරු 6.00 සිට පෙරහැර අවසන් තුරු පරණ කොට්ටාවපාර ස්ටැනීල් තිලකරත්න මාවත, නුගේගොඩ නාවල නාරාහේන්පිට මාවත, පිටකෝට්ටේ ඇතුල්කෝට්ටේ වැලිකඩ මාවත, බැද්දගාන දූව ක්‍රිෂ්ණමූර්ති යන මාර්ග වසා තැබෙන බවයි.

පෙරහර ගමන් කරන අදාළ කාලසීමාව තුළ විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රථ වාහන රියැදුරන්ගෙන් ඉල්ලා සි‌ටී.