News

කෝටි 03කට වඩා අධික වටිනාකමකින් යුත් රන් බිස්කට් සමඟ කටුනායකදී අයෙක් අත්අඩංගුවට

රුපියල් තුන් කෝටි විසි ලක්ෂයක් වටිනා රන් බිස්කට් තොගයක් ගුවන් තොටුපළෙන් පිට කිරීමට තැත් කිරීමේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද(11) අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගෙන ඇත්තේ 23 හැවිරිදි වත්තල ප්‍රදේශයේ පදිංචි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කටුනායක ගුවන් තොටුපළ තුළ රාජකාරී ඉටු කරන කාර්යය මණ්ඩල සාමාජිකයෙකු වන අතර තම දෙකකුළේ වළලු කරට මදක් ඉහළට වන්නට රන් බිස්කට් 10 බැගින් කොටස් හතරකට සකස් කර ඒවා බැඳ පසුව කකුල් වැසෙන සේ මේස් පැළද සපත්තු දමා ගෙන සිට ඇත.

එහි ග්‍රෑම් 100 බැගින් වූ කිලෝ ග්‍රෑම් 04 ක් බර රන් බිස්කට් 40 ක් තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

මෙම පුද්ගලයා කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ අවසාන ගේට්ටුව පසු කර යෑමට සූදානම් වන විට අද උදෑසන 9.00 ට පමණ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.