කෝටි 03ක් වටිනා කොකේන් තොගයක් සමඟ විදේශිකයෙකු අත්අඩංගුවට
රුපියල් කෝටි 03ක වටිනාකමකින් යුත් කොකේන් තොගයක් සමඟ විදේශිකයෙකු කටුනායක ගුවන් තොටුපල රේගුව විසින් අද අත්අඩංගුවට ගෙන ඇත.
නයිජීරියාවේ සිට පැමිණි ගිනි බිසවු රාජ්‍යයේ පුරවැසියෙකු වන 28 හැවිරිදි සැකකරුගේ ගමන් මල්ලේ සඟවාගෙන මෙම කොකේන් දිවයිනට රැගෙන ඇවිත් ඇති බව රේගුව සඳහන් කරන අතර සැකකරු සන්තකයේ තිබී සොයාගත් කොකේන්වල බර කිලෝ 2 කට අධිකය.