News

කෝටි 07කට වඩා වටින කොකේන් සමඟ බොලීවියානු ජාතිකයෙකු අත්අඩංගුවට

රුපියල් හත් කෝටි පනස් ලක්ෂයක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් පහක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන පැමිණි බොලීවියානු ජාතිකයෙකු ඊයේ (05) දින කටුනායක ගුවන් තොටුපළේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම කොකේන් තොගය ඔහු බ්‍රසීලයෙන් රැගෙන ඉතියෝපියාව හරහා ඉන්දියාවට පැමිණ ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට පැමිණි ඉන්දීය ගුවන් සේවයට අයත් ඒ.අයි.- 281 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

මොහු ලංකාවට පැමිණි පළමු අවස්ථාව මෙය බව රේගුව සිදුකළ මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇති අතර ඔහු විසින් රැගෙන ආ ගමන් මලු දෙකක සූක්ෂම ලෙස මෙම කොකේන් තොගය සඟවා තිබී ඇත.