කෝටියකට වැඩිය වටින රත්‍රං සමග කටුනායකදී සිව්දෙනෙකු අත්අඩංගුවට
රුපියල් එක් කෝටි හතලිස් ලක්ෂ අනූ නව දහස් පන්සිය හැත්තෑවක් (1,40,99,570 ) ක් වටිනා ස්වර්ණාභරණ තොගයක් ඉන්දියාවේ සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් සිව් දෙනෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසුවේ ඊයේ (22) රාත්‍රී 8.00 ට ඉන්දියාවේ මුම්බායි සිට පැමිණි ජෙට් එයා වේස් ගුවන් සේවයේ 9ඩබ්ලිව්252 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ , එහි කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ” හරිත මාවත ” ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටව යමින් සිටියදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගත් බවයි.
මොවුන් කොළඹ ප්‍රදේශයේ පදිංචි කාන්තාවන් තිදෙනකු සහ එක් පිරිමියෙකු ඇතුළත් ව්‍යාපාරිකයන් පිරිසක් ද වනවා.
ඔවුන් ඇද සිටි ඇදුම් අතර සහ ඔවුන් විසින් රැගෙන විත් තිබූ ගමන් මලු වල මාල , මුදු , කරාබු සහ තැල්ල සහිත මාල ඇතුළත් කිලෝග්රෑම් 02 යි ග්රෑම් 540 ක් බර මෙම ස්වර්ණාභරණ තොගය සගවා ගෙන තිබූ බව රේගුව පවසන්නේ.