News

කෝවිඩ් – 19 වෛරසයෙන් ඉතාලියේ මියගිය සංඛ්‍යාව දහස ඉක්මවයි

කෝවිඩ් – 19 වෛරසය (කොරෝනා) ආසාදනයවීම ඉතාලිය තුළ මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 1016 දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ දිනය තුළ පමණක් ඉතාලියෙන් වාර්තා වූ මරණ සංඛ්‍යාව 189ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

චීනයෙන් පිටත කෝවිඩ් – 19 වෛරසය ආසාදනයවීමෙන් වැඩිම මරණ සංඛ්‍යාවක් සිදුව තිබෙන්නේ ද ඉතාලියෙන් වේ.

මේ අතර ලොව පුරා කෝවිඩ් – 19 වෛරසය ආසාදනයවීමෙන් පුද්ගලයින් 4,989ක් මියගොස් තිබේ.

ලොව පුරා කෝවිඩ් – 19 වෛරසය ආසාදනය වූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 134,918ක් වන අතර, ඉන් නැවත සුව වූ සංඛ්‍යාව 70,395ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.