News

ඛනිජ සම්පත් භූමි සිතියම් කරයි

දේශීය කර්මාන්තකරුවන්ට අවශ්‍ය ඛනිජ පහසුවෙන් සපයා ගැනීම සඳහා ඛනිජ සම්පත් තිබෙන ස්ථාන සිතියම් ගත කිරීම ආරම්භ කර ඇතැයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල කියයි.

කැල්සයිට්, ටයිටේනියම්, ඩොලමයිට් අතුළු ඛනිජ නිධි පවතින ස්ථාන මෙලෙස සිතියම් ගත කෙරේ.

මෙම ඛනිජ සම්පත් සිතියම් ගත කිරීමේ කටයුතු අවසන් කිරීම සඳහා වසරක පමණ කාලයක් ගතවනු ඇතැයිද ඔහු කීවේය.

ඉදිරියේ දී මෙරට අලුතින් ටයිල් කර්මාන්තශාලා කිහිපයක් ආරම්භ කිරීමට නියමිත බවත්, ටයිල් කර්මාන්තය සඳහා අවශ්‍ය ඩෙලමයිට්, සිලිකා ආදී ඛනිජ සම්පත් සපයා ගැනීම පිළිබඳව එම ආයෝජකයින් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයෙන් විමසා ඇතැයිද සභාපතිවරයා පවසයි.

එම ටයිල් කර්මාන්තශාලාවලට අවශ්‍ය ඛනිජ සැපයීමට සූදානම් බවත් මේ සඳහා ඛනිජ සම්පත් පවතින ස්ථාන සිතියම්ගත කිරීම අවශ්‍ය බවද සභාපතිවරයා සඳහන් කළේය.

දේශීය කර්මාන්තකරුවන්ට ඛනිජ කැණීම් බලපත්‍ර ලබා ගැනීමේ ක්‍රමවේදයන් පහසු කිරීමටද කටයුතු යොදා ඇතැයිද සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේය.

සාලිය කුමාර ගුණසේකර