ගංජා කිලෝ 01යි ග්රෑම් 500ක් සමඟ අයෙක් මාට්ටු
එගොඩඋයන, ජයගත්පුර ප්රදේශයේ ක්රීඩා පිටිය අසලදී කේරල ගංජා කිලෝ 01යි ග්රෑම් 500ක් සමඟ පුද්ගලයෙකු එගොඩඋයන පොලිසියට ලද තොරතුරකට අනුව අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 32ක් වූ මොරටුවැල්ල, ප්රදේශයේ පදිංචි අමිල සුරංග ප්රනාන්දු නැමැත්තෙකු වන අතර ඔහු අද දින මොරටුව මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් එගොඩඋයන පොලසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.