News

ගංජා කිලෝග්‍රෑම් 22ක් නාවික හමුදාව විසින් සොයාගනී

2019 දෙසැම්බර් 19 වන දින නාවික හමුදාව විසින් කච්චතිව් දුපත ආශ්‍රිතව වෙරළ තීරයේ සිදු කළ සෝදිසි කිරීමකදි කේරළ ගංජා තොගයක් සොයා ගෙන ඇත.

නාවික හමුදාව විසින් සාගර කලාපය මෙන්ම වෙරළ තීරය කේන්ද්‍ර කර ගනිමින් සිදු කරනු ලබන මෙහෙයුමක් කච්චතිව් වෙරළ තීරය කේන්ද්‍ර කරගනිමින් සිදු කරන ලද අතර, එහිදී වෙරළ තීරයට ගොඩගසා තිබූ පාර්සල් කිහිපයක් නිරික්‍ෂණය කර, එය පරික්‍ෂාවට ලක් කර ඇත.

මෙහිදී පාර්සල් 10 ක් නාවික හමුදාව විසින් සොයා ගෙන ඇත.

එහි තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 22 කට අසන්න ප්‍රමාණයක් සොයා ගැනීමට සමත්ව ඇත.