පැය 24ක් තුළ මගීන් 1503කට ගුවන් පහසුකම් සපයලා
ගත වූ පැය 24ක කාලය තුළ ගුවන් මගීන් 1,503 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සපයා දීමට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ කටයුතු කර ඇත.
ගත වූ පැය 24ක කාලය තුළ මගී ගුවන් යානා 16ක මෙහෙයුම් කටයුතු සිදු කර ඇති අතර ගුවන් යානා 11 කින් ගුවන් මගීන් 645 දෙනෙකු මෙම කාලසීමාව තුළ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
පැමිණි ගුවන් මගීන් අතර කටාර් රාජ්‍යයේ දෝහා සිට 280 දෙනෙකු ද , සෞදි අරාබියේ රියාද් සිට 113 දෙනෙකු ද සිටියි.
පැමිණි ගුවන් මගීන් සියලු දෙනා නීරෝධායන ක්‍රියාවලිය සදහා ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් සංචාරක හෝටල් වෙත රැගෙන ගොස් තිබේ.
තවත් ගුවන් මගීන් 858 දෙනෙකු ගුවන් යානා 05 කින් කටුනායක ගුවන් තොටුපළෙන් විදේශ රටවල් බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.
ඒ අතර කටාර් රාජ්‍යයේ දෝහා වෙත 154 දෙනෙකු ද , සෞදි අරාබියේ රියාද් වෙත 113 දෙනෙකු ද පිටත්ව ගොස් තිබුණි.
මෙම කාලසීමාව තුළ ශ්‍රී ලංකාවේ සංචාරය සදහා විදේශීය සංචාරකයන් 60 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව වාර්තා වේ.
කිලෝ ග්‍රෑම් 51,000 ක් බර ගුවන් භාණ්ඩ තොගයක් ආනයන ලෙස කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබූ අතර , තවත් කිලෝ ග්‍රෑම් 340,000 ක් බරැති ගුවන් භාණ්ඩ තොගයක් අපනයන ලෙස ගුවන් තොටුපළෙන් විදේශ රටවල් වෙත රැගෙන ගොස් තිබුණි