ගතවු පැය 24 තුළ මෙරටින් කොරෝනා ආසාදිතයින් ගණන 52ක්
ගත වූ පැය විසි හතර තුළ කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් පනස් දෙදෙනෙකු මෙරටින් වාර්තා වෙයි.
දිනකදී වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාව මෙය වෙයි.
පසුගිය පැය 24 තුළ වාර්තා වූ රෝගීන් පනස් දෙදෙනාගෙන් එකොලොස් දෙනෙකු බණ්ඩාරනායක මාවතේ පදිංචි නිරෝධායනයට වෙමින් සිටි පුද්ගලයින් වන අතර තවත් තිස්දෙනෙක් වැලිසර නාවික හමුදා කඳවුරේ නාවිකයින්ය.
නිවාඩු ලබාගොස් සිටින නාවික හමුදා නාවිකයින් පස් දෙනෙකුට ද වෛරසය ආසාදනය වී ඇති අතර ඔවුන් රත්නපුර හිදිල්ල කන්ද, කුරුණෑගල පොල්ගහවෙළ උඩපොළ, කුරුණෑගල කීනියා පොළ, බදුල්ල ගිරාඳුරුකෝට්ටේ පහළ රත්කිඳ සහ දඹුල්ල අතබෝධිවැව ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
දරු ප්‍රසූතිය සඳහා කොළඹ ද සොයිසා රෝහලට ඇතුළත් වූ කාන්තාවකට ද වෛරසය ආසාදන වී ඇති බව ඊයේ තහවුරු වුණි.
මෙරට 416 වැනි කොවිඩ් නයින්ටීන් ආසාදිතයි ලෙස වාර්තා වන්නේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙක් වේ.
ඒ අනුව සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 420ක් දක්වා ඉහළ යයි.
