News

"ගම සමග පිළිසඳර " හෙට උතුරට යයි

“ගම සමග පිළිසඳර ” හෙට උතුරට යයි

 

“ගම සමග පිළිසඳර “උතුරු පළාතේ පැවැත්වෙන පළමු වැඩසටහන හෙට (03) දිනයේ  වව්නියාව දිස්ත්‍රිකයේ වව්නියාව උතුර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් වෙඩිවෛත්‍යකල්ලු ග්‍රාමසේවා වසමේ දී පැවැත්වේ.

ගැමි හමුව සඳහා බෝගස්වැව මහා විද්‍යාල භූමිය තෝරාගෙන ඇත.

හෙට (03) උදෑසන 10.00ට ඇරඹෙන සංවාදය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර මේ සඳහා ඇමතිවරු ප්‍රමුඛ මහජන නියෝජිතයෝ, අමාත්‍යංශ ලේකම්වරු සහ විවිධ ආයතන ප්‍රධානීහූ සහ නිලධාරීහූ එක් වනු ඇති.

මෙය “ගම සමග පිළිසඳර” 17 වැනි වැඩසටහන බව සඳහන් ය.

බෝගස්වැව1, බෝගස්වැව2, කම්බිලිවැව, වෙඩිවෛත්‍යකල්ලු, කෝවිල්පුලියන්කුලම සහ වෙහෙරතැන්න ගම්මාන ග්‍රාමසේවා වසමට අයත්ය.

වී සහ හේන් ගොවිතැන ජනයාගේ ප්‍රධාන ජිවනෝපාය වන අතර පවුල් 478 කින් සමන්විතය ග්‍රාමයේ ජනගහනය 1520ක් පමණ වේ.