” ගම සමග පිළිසඳර “හෙට නුවරඑළියේ
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වන “ගම සමග පිළිසඳර” 15 වන වැඩසටහන නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් යොඹුවැල්තැන්න ග්‍රාමයේ දී හෙට (20) පැවැත්වීමට නියමිතය.
මේ අනුව පෙරවරු 10.00 ට ඇරඹෙන සංවාදයට දිස්ත්‍රික්කයේ මැති ඇමතිවරු ප්රමුඛ මහජන නියෝජිතයෝ, අමාත්‍යාංශ ලේකම්වරු සහ විවිධ ආයතන ප්‍රධානීහු සහ නිලධාරීහු ජනාධිපතිවරයා සමග එක් වීම සිදුවේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා “ගම සමග පිළිසඳර” වැඩසටහන සැලසුම් කළේ දේශපාලන බලධාරීන් හා නිලධාරීන් කැටුව තමාම ගමට ගොස් ගැමි ජනතාව පෙළන ආර්ථික සමාජ ගැටළු සියැසින් දැක ඒවාට සවන් දී කඩිනම් විසඳුම් දීමෙන් ග්‍රාමීය ජනතාවගේ අභිවෘද්ධිය සැලසීමේ අරමුණ ඇතිව බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.