ජනපතිවරණයෙන් පසුව ගමට යාමට නොහැකි බව පවසන ආසන සංවිධායකවරුන් සහ මන්ත්රීවරුන් සිටී නම් ඔවුන් එම තනතුරුවලින් ඉවත් වී වෙනත් පුද්ගලයින්ට එම අවස්ථාව ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක ය රනිල් වික්රමසිංහ මහතා සඳහන් කරයි.
සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ (16) පැවති හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.