News

ගල්කිස්සේ නිවසකට වෙඩි තැබූ සැකකරුවෙක් අත්අඩංගුවට

ගල්කිස්ස ප්‍රදේශයේ ඊයේ (20) අළුයම සිදුවූ වෙඩි තැබීමකට සම්බන්ධ සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ ඊයේ පසරුවේ සැකකරු රිපීටර් වර්ගයේ ගිනිඅවියක් සහ ජීව උණ්ඩයක් සමග අත්අඩංගුවට ගත් බවයි.

සැකකරු විසින් ඊයේ අළුයම් 2.15ත් 2.30ත් අතර කාලයේදී ගල්කිස්ස ප්‍රදේශයේ පිහිටි නිවසකට වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.

මෙම වැඩි තැබීමෙන් කිසිවකුටත් තුවාල සිදුව නොමැති අතර නිවසේ දොරට පමණක් අලාභ සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.

සැකකරු අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.