ග්රාම නිලධාරිනියකට අඩන්තේට්ටම් කළැයි ත්රි’මලේ විරෝධයක්
ත්රිකුණාමලය මුරුගාපුරි ග්රාම නිලධාරිනියගේ කාර්යාලයට පහරදුන් සැකකරුවන්ට එරෙහිව නීතිය තදින් ක්රියාත්මක කරන්නැයි ඉල්ලා රාවණා සේනා සංවිධානය හා කාන්තා එකමුතුව එක්ව අද (19වැනිදා) නගර හා කඩවත් ප්රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වූහ.
විරෝධතාවයට එක්වු පිරිස් පැවැසුවේ කාන්තාවන්ට සිදුවන අතවර දිනෙන් දින ඉහල යමින් තිබෙන බවත් ග්රාම නිලධාරිවරියගේ රාජකාරියට බාධාකරමින් ඇයට තර්ජනය කළ සැකකරුවන්ට එරෙහිව නීතිය තදින් ක්රියාත්මක කළ යුතු බවත් ය.
පසුගිය අගෝස්තු 31 වනදා කිසියම් පිරිසක් මුරුගාපුරි ග්රාම නිලධාරි කාර්යාලයට පහර දී තිබූ අතර ග්රාම නිලධාරිනිය ඒ සම්බන්ධයෙන් ත්රිකුණාමලය පොලිස් අධිකාරි කාර්යාලයේ පැමිණිල්ලක් ගොණුකර තිබුණි. ඒ අනුව ක්රියාත්මක වූ කොට්ඨාශ අපරාධ විමර්ශණ ඒකකය එක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කර තිබූ අතර සිද්ධියට සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු පසුව අධිකරණයට භාර වී තිබුණි.